කැන්ගන් ජලය®

කැන්ගන් ජලය යනු Enagic හි නව්‍ය ජල තාක්‍ෂණයෙන් නිර්මාණය කරන ලද රසවත් ජලයයි. මෙම උපකරණ ඔබේ නළ ජලය පෙරීම පමණක් නොව, විද්‍යුත් විච්ඡේදනය මගින් අයනීකෘත ක්ෂාරීය හා ආම්ලික ජලය නිපදවීම සිදු කරයි. මෙම ජලය බීම, ආහාර පිසීම, රූපලාවණ්‍ය කටයුතු, සහ පිරිසිදු කිරීම ඇතුළු විවිධ අරමුණු සඳහා භාවිතා කළ හැකිය.

නවෝත්පාදක ජල තාක්ෂණය

නවීන විද්‍යාත්මක පර්යේෂණ සහ උසස් ජපන් තාක්ෂණය, සොබාදහමේ ජීවය සඳහා වඩාත්ම වැදගත් සම්පත සමඟ ඒකාබද්ධ කොට, අඛණ්ඩව කැන්ගන් ජල උත්පාදන පද්ධති ක්‍රමවේදය සඳහා Enagic® පුරෝගාමී වී ඇත. 1974 සිට Enagic® ගෘහස්ථ, ක්ෂාරීය ජල අයනීකරණ තාක්ෂණයන් ලබා දීමෙහි විශේෂඥයන් විය. අපගේ මෙහෙවර අපගේ රන් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පෙළ සමඟ සැබෑ සෞඛ්‍යය සහ සුවතාවය ජාත්‍යන්තරව ලබා දීමයි.


වැඩිදුර කියවන්න

කැන්ගන් ජලය හි විශේෂත්වය®?

කැන්ගන් ජලය® හි ප්‍රසන්න මෘදු රසයක් ඇත. එපමණක් නොව මෙම ජලයට තවත් බොහෝ දේ ඇත! කැන්ගන් ජලය® හි ඍණ ORP මට්ටමක් ඇත. ඔක්සිකරණය සිදුවන විට ඇපල් පෙති දුඹුරු පැහැයට හැරෙන ආකාරය මතකද? ඒ හා සමානව ඔබ ධන ඔක්සිකරණය අඩු කිරීමේ විභවය (ORP) සහිත ද්‍රව්‍ය වලින් ඉවත්ව සිටිය යුතුය. ඒ වෙනුවට ඍණ ORP මට්ටම් ඇති ආහාර සහ පාන වර්ග තෝරාගන්න.

වැඩිදුර කියවන්න

ඔබ දැන සිටියාද ?

අවශේෂ ආහාර ආකලන සහ කෘෂි රසායන අපද්‍රව්‍ය අපගේ ශරීර තරල සැලකිය යුතු ලෙස දූෂණය කරයි.
අලුත උපන් දරුවන්ගෙන් 80% කට ආසාත්මිකතා ඇති අතර මව්වරුන්ගේ දූෂිත ශරීර තරල නිසා මෙය සිදුවේ.
අපේ ශරීරයේ ජලය 70% ක් පමණ අඩංගුය. වයසට යාම හා විජලනය අතර සම්බන්ධයක් පැවතිය හැක. මන්ද වියපත් පුද්ගලයින්ගේ සිරුරෙහි ඇත්තේ ජලය 65% ක් පමණක් වන අතර ළමුන්ගේ සිරුරෙහි ජලය 75 - 80% දක්වා ඇත. අපට ආහාර නොමැතිව සති ගණනක් ජීවත් විය හැකි නමුත් ජලය නොමැතිව ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණි.

කැන්ගන් ජලය® හි ගුණාංග 3:

ප්‍රතිඔක්සිකරණය

ඔක්සිකරණය නැවැත්විය නොහැක, කෙසේ වෙතත් පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ ප්‍රතිඔක්සිකාරක තුලින් මෙම ක්‍රියාවලිය මන්දගාමී කළ හැකි බවයි. ORP මීටරයක් භාවිතයෙන් ද්‍රවවල ඇති ප්‍රතිඔක්සිකාරක මැනිය හැකිය.

ORP (ඔක්සිකරණ අඩු කිරීමේ විභවය) කියවීම ඉහල ඍණ අගයක් වන තරමට (ඉහළ ප්‍රතිඔක්සිකාරක), ඔබේ ශරීරයෙන් ඔක්සිකාරක ආතතිය අඩු කිරීම, පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සහ වෙනත් රෝග ඇතිවීම වැලැක්වීම වැඩි වේ.

පෘථිවියේ ඕනෑම ද්‍රවයකට සාපේක්ෂව මනිනු ලබන ඉහළම ප්‍රතිඔක්සිකාරකය කැන්ගන් ජලයේ ඇත. (~ - 470 ORP)

ක්ෂාරීයතාව

අප බොහෝ දෙනෙක් ආම්ලික ජීවන රටාවකට හුරුවී සිටින්නෙමු. එනම් මස් විශාල ප්‍රමාණයක් (ආම්ලික) ආහාරයට ගැනීම, කාබනීකෘත ජලය පානය කිරීම (අධික ආම්ලික), ඍණාත්මක හැඟීම් අත්විඳීම (ආතතිය) සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීම. මෙම සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටා අපගේ ශරීර තුළ ආම්ලික තත්වයක් ඇති කරයි, එහිදී අප රෝගාබාධ හා රෝග වලට ගොදුරු වේ.

“පිළිකා වර්ධනය වන්නේ ඔක්සිජන් අහිමි ආම්ලික පටක වල… රෝගයට ක්ෂාරීය ශරීරයක් තුළ වර්ධනය විය නොහැක” - 1931 කායික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගලාභී වෛද්‍ය ඔටෝ හෙන්රිච් වෝර්බර්ග්. 1923 දී පිළිකාවට හේතුව සොයා ගන්නා ලදී

ක්ෂුද්‍ර පොකුරුකරණය

ඔබේ ජලය “කුඩා” හෝ ඔබේ පානීය ජලයේ අණු අඩු පොකුරු නම්, ඔබේ ශරීරයට එය අවශෝෂණය කර ගැනීමට හැකි වන අතර වැඩි සජලීකරණයක් ඔබට දැනෙනු ඇත.

අපගේ දෛනික කටයුතු සිදුකරන සෑම අවස්ථාවකම සජලීව සිටීම අපට ඉතා වැදගත් වේ. එය අපගේ ශක්තිය වැඩි කිරීමට, අපගේ මනස අවදියෙන් තබා ගැනීමට සහ වඩා හොඳින් සිතීමට උපකාරී වේ.

අයනීකරණ ක්‍රියාවලියෙන් පසු ජල අණු වල ක්ෂුද්‍ර පොකුරුකරණය හේතුවෙන්, අයනීකෘත ජලයට වඩා හොඳ සජලනය කිරීමේ හැකියාවක් ඇත. අයනීකෘත නොවූ ජලය අණු 10 ත් 20 ත් අතර පොකුරු ලෙස දක්නට ලැබෙන අතර අයනීකෘත ජලය අණු 4 - 6 පොකුරු ලෙස දක්නට ලැබේ.

කැන්ගන් ජලය® වල බොහෝ ප්‍රයෝජන ඇත!

Enagic® ජලය වර්ග 5 භාවිතා කළ හැකි ආකාර නිමක් නැත. ඔබේ Enagic® යන්ත්‍රය සමඟ ඔබට කළ හැකි දේ පිළිබඳ උදාහරණ කිහිපයක් මෙන්න:

සාන්ද්‍ර කැන්ගන් ජලය

ආහාර පිළියෙල කිරීම සහ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්න

කැන්ගන් ජලය

ඉවුම් පිහුම් / බීම සඳහා භාවිතා කරන්න

පිරිසිදු වතුර

බීමට භාවිතා කරන්න

ආම්ලික ජලය

රූපලාවන්‍ය සහ පුද්ගලික සනීපාරක්ෂාව සඳහා භාවිතා කරන්න

සාන්ද්‍ර ආම්ලික ජලය

පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂාව සඳහා භාවිතා කරන්න

වැඩිදුර කියවන්න